• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුලින් කොළඹ මාර්ග තදබදය අවම කිරීමට සැලසුම්

14 September 2021
in සංවර්ධන

දෛනිකව කොළඹ නගරයට ලක්ෂ 19ක පමණ ජනකායක් පැමිණෙන ඇති වන මාර්ග තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මහකොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යපෘතියේ ප්‍රගතිය සොයාබැලීම සඳහා ඇමැතින පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ( 14 ) දින ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.

මෙහිදී ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කරුණු දක්වමින් කියාසිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි ප්‍රවාහන ක්ෂේත්‍රයට තිරසාර ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වඩාත් සුරක්ෂිත සහ සුවපහසු ප්‍රවාහන ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමට,ප්‍රවාහන අමාත්‍යංශය යටතේ දීර්ඝකාලීන සැලැස්මක් සැකසිය යුතු බවයි.

ඒ අනුව කොළඹ සහ අවට තදාසන්න ප්‍රදේශවල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමේ සංකල්පය ක්‍රියාවට නැංවීමට කටයුතු ආරම්භ කරන ලෙසට අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

එමෙන්ම ප්‍රවාහන ක්ෂ‍ේත්‍රය නිසා සිදුවන පාරසරික දූෂණය අවම කිරීමට කාබන් විමෝචනය ක්‍රියාවලිය පිළිබඳව ගතයුතු ඉදිරි සැලසුම් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසටද ප්‍රවාහන අමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්හට අවධාරනය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන විදේශ ආධාර මඟින් සොයාගැනීම සඳහා යෝජනා පත්‍රයක් සකලන ලෙසට ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයාට සහ අමාත්‍යංශ ලේකම් වරයාට අමාත්‍යවරිය උපදෙස් දෙන ලදී.

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග ,අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත ,ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක ව්‍යාපෘති කළමණාකාරිනි සැලසුම් ආචාර්ය කල්‍යානි ඩයස් මහත්මියද ,අධ්‍යක්ෂ ජනරාල් (කාර්මික) ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවිය.

 

Post Views: 19
Previous Post

ගයනිගේ නර්තන ප්‍රසංගය ලබන මස 02වනදා

Next Post

ලොව ඉහළම ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කෙරේ

editor

editor

Next Post

ලොව ඉහළම ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved