27 April 2024
#ව්‍යාපාර

DFCC බැංකුවේ 139 වැනි ශාඛාව එප්පාවල නගරයේදී

එප්පාවල, තලාව පාරේ , අංක 137 දරණ ස්ථානයේදී මෙලෙස DFCC බැංකුවේ 139 වැනි ශාඛාව අද (21) DFCC බැංකුවේ ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

දැනට වසර කිහිපයකට පෙර එප්පාවල තැපැල් කාර්යාලයේ DFCC බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් එප්පාවල නගරයේ ජනතාව වෙනුවෙන් සිය සේවාවන් තවත් පුලුල්ව ලබා දීමේ අරමුණින් නව ශාඛාව එප්පාවල නගරයේ විවෘත කෙරිණි.

අනතුරුව DFCC බැංකුවේ ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා මහතා ඇතුළු නිළධාරීන්ගේ ප්‍රධානත්වනේ නව බැංකුවේ මංගල තැන්පතු භාර ගැනීම, ළමා ගිණුම් ආරම්භ කිරීම, කල්බදු පහසුකම් ලබා දීම හා ණය කාඩ්පත් නිකුත් කිරීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී අචින්ත හේමනායක, ජේෂ්ඨ උපසභාපති ( ශාඛා හා මාධ්‍ය) අලහකෝන්, ප්‍රාදේශීය කළමණාකාර කන්දයියා ජෙගරාජා , උප සභාපති (සේවා හා ප්‍රසම්පාදන) ගාමින්ද ප්‍රනාන්දු, සහකාර උපසභාපති දුමින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු DFCC බැංකු නිළධාරීන්, එප්පාවල නගරයේ ව්‍යාපාරිකයින් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *