කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ පවතින තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ වෘත්තීය අධ්‍යාපනයට නව මංපෙත් විවර කිරීම උදෙසා මෙම කාර්මික විද්‍යාල සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ යන මහත්වරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















