පෝලන්තය තුළ ඇමෙරිකානු න්‍යෂ්ටික ආයුධ (Nuclear Warheads) ස්ථාපනය කිරීමට පෝලන්තයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය පවෙල් සලෙව්ස්කි (Pawel Zalewski) මහතා ඊයේ (27) බ්‍රසල්ස් නුවර නේටෝ (NATO) මූලස්ථානයේදී පැහැදිලි කළේය.
නේටෝ සංවිධානයේ න්‍යෂ්ටික අවක්ශේපණ (Nuclear Deterrence) වැඩසටහනට සහාය පළ කළ ද, පෝලන්ත භූමිය තුළ න්‍යෂ්ටික ආයුධ තැන්පත් කිරීම ඊට අදාළ නොවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෝලන්තය වෙත ස්ථිර පදනමින් අතිරේක 5,000ක ඇමෙරිකානු සෙබළුන් පිරිසක් යෙදවීමට ගත් තීරණය ඇතුළුව, ඇමෙරිකානු සාම්ප්‍රදායික හමුදා රැඳවුම් (US Military Presence) පෝලන්තය තුළ තවදුරටත් වර්ධනය කරගැනීමට පෝලන්තය දැඩි උනන්දුවක් දක්වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















