ශ්‍රී ලංකාව සහ ඉරානය අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව සහයෝගිතාවන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ ඉරාන කෘෂිකර්ම අමාත්‍ය ගොලාම්රේසා නූරි (Gholamreza Nouri) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් මොන්ගෝලියාවේ උලාන්බාටාර්හිදී පැවැත්විණි.
මොන්ගෝලියාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ සම්මුතියේ 17 වැනි පාර්ශ්වකරුවන්ගේ මහා සම්මේලනයට (UNCCD COP17) සමගාමීව මෙම හමුව සිදුවිය. දෙරට අතර පවතින වසර 64ක දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ ඉරාන අමාත්‍යවරයා, මැදපෙරදිග යුද සමයේ ශ්‍රී ලංකාව දැක්වූ මානුෂීය සහයෝගයට කෘතඥතාව පළ කළේය. ආහාර සුරක්ෂිතතාව, තේ සහ ධීවර කර්මාන්තය මෙන්ම කෘෂිකාර්මික තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
















