දෙවන ලෝක යුද සමයේදී පෝලන්ත වැසියන් දසදහස් ගණනක් සමූල ඝාතනය කිරීමට වගකිවයුතු යුක්‍රේන ජාතිකවාදී නායකයන් සිහිපත් කරමින් යුක්‍රේන හමුදා බලඇණියක් නම් කිරීමට ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) මහතා පියවර ගැනීමට එරෙහිව පෝලන්ත රජය දැඩි තීරණයක් ගෙන තිබේ. ඒ අනුව, මීට පෙර සෙලෙන්ස්කි මහතා වෙත පිරිනමා තිබූ පෝලන්තයේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානය වන ‘ඕඩර් ඔෆ් ද වයිට් ඊගල්’ (Order of the White Eagle) සම්මානය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගැනීමට පෝලන්ත බලධාරීන් කටයුතු කර ඇත. දෙරටේ ඉතිහාසයේ අතිශය අඳුරුතම පරිච්ඡේදයක් ස්පර්ශ කරමින් වත්මන් යුද වාතාවරණය මධ්‍යයේ වුවද යුක්‍රේනය ගත් මෙම ක්‍රියාමාර්ගය සාධාරණීකරණය කළ නොහැකි බව පෝලන්ත පාර්ශවය අවධාරණය කරයි. කෙසේ වුවද, පෝලන්තයේ මෙම රාජ්‍ය තාන්ත්‍රික තීරණය දැඩි ලෙස හෙළා දකිමින් යුක්‍රේන රජය ප්‍රකාශ කර ඇත්තේ, මෙය පවතින භූදේශපාලනික තත්ත්වය හෑල්ලුවට ලක් කරමින් සිදුකළ “නින්දිත උපායමාර්ගික වැරැද්දක්” (Contemptuous Strategical Error) වන බවයි.















