2026 දෝහා ඩයමන්ඩ් ලීග් (Doha Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට ප්‍රබල හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ. එහිදී ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අභිබවා යමින් මීටර් 88.68ක සුවිශේෂී දුරක් සනිටුහන් කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර, මෙය රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලියකදී අත්පත් කරගත් අඛණ්ඩ දෙවන ජයග්‍රහණය ලෙස ද ඉතිහාසයට එක්වේ. ගෝලීය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම සහ කීර්තිමත්ම තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් පිටියේදී ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මෙවැනි අතිවිශිෂ්ට දක්ෂතාවයක් දක්වමින් අඛණ්ඩව පෙරමුණ ගැනීම ජාත්‍යන්තර ක්‍රීඩා විශ්ලේෂකයින්ගේ ද දැඩි අවධානයට හා ඇගයීමට ලක්ව ඇත.















