ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බංගලා බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් අද (16) දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර අහස වලාකුළින් බරව පවතිනු ඇත. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ද, සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වනු ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














