දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් යටතේ ගත වූ එක් දිනක් තුළ (අගෝස්තු 06) පුද්ගලයින් 508 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම මෙහෙයුම්වලදී ඊයේ (06) දිනයේදී පුද්ගලයින් 27,054 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, අත්අඩංගුවට පත් වූ පිරිස අතරට අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 142 දෙනෙකු ඇතුළත් වේ. මීට අමතරව, බීමත් රියදුරන් 65 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 122 දෙනෙකු ද නීතියේ රැහැනට හසු කරගෙන තිබේ.














