වීරකැටිය, පුහුල්හේන ප්‍රදේශයේ ඉඩමක් තුළ සැකකටයුතු ලෙස කාන්තාවක් මියගොස් සිටින බවට ලද තොරතුරක් මත වීරකැටිය පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකි. මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














