සෞඛ්‍ය සේවයේ වෘත්තීය කාණ්ඩ 4ක ක්ෂේත්‍ර 14ක් සඳහා 1,444 දෙනෙකුට අද (01) නව පත්වීම් ප්‍රධානය කෙරේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම පත්වීම් ප්‍රදානෝත්සවය පැවැත්වෙන අතර, කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන සේවාවන් සඳහා මෙම පත්වීම් ලබා දීම සිදු වේ.














