සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල පොලිස්පති සහන දින වැඩසටහන් නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.
ඒ අනුව හෙට (16) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස් නිලධාරීන්ගේ අභියාචනා පිළිබඳ “පොලිස්පති සහන දිනය” සහ අනිද්දා (17) පැවැත්වීමට නියමිතව තිබූ “පොලිස්පති මහජන සහන දිනය” යන වැඩසටහන් දෙකම ක්‍රියාත්මක නොවන බව පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.














