කුලියාපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී යතුරුපැදි චැසි සහ එන්ජින් 42ක් මෙන්ම ජපානයේ නිෂ්පාදිත විදේශීය මත්පැන් බෝතල් 190ක් සහිත කන්ටේනරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරකට අනුව කුලියාපිටිය පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
ප්‍රාථමික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම භාණ්ඩ යතුරුපැදි අමතර කොටස් ලෙස පෙන්වා ජපානයේ සිට මෙරටට ආනයනය කර ඇති බවයි. මෙය ජාවාරම් කිරීමේ ජාලයක් සමඟ සම්බන්ධ සිදුවීමක් විය හැකි බවට පොලිසිය සැක පළ කරයි. මෙම වැටලීමේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















