පොලිස් නිලධාරීන් සහ විවිධ රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ජනතාවගේ මුදල් සහ සංවේදී බැංකු තොරතුරු සොරකම් කරන සංවිධානාත්මක වංචා රැල්ලක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ හදිසි දැනුම්දීමක් සිදු කර තිබේ.
මහ බැංකුව හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නියෝජනය කරන බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන වංචාකරුවන්, ජාතික හැඳුනුම්පත් අංක නීති විරෝධී කටයුතුවලට යොදාගෙන ඇති බවට අසත්‍ය චෝදනා නඟා බියගන්වමින් එක්වරක් පමණක් භාවිත කරන මුරපද (OTP) සහ බැංකු රහස්‍ය තොරතුරු ලබා ගැනීමට කටයුතු කරයි. කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් දුරකථන හෝ සමාජ මාධ්‍ය හරහා OTP අංක හෝ බැංකු මුරපද ඉල්ලා නොසිටින බව පොලිසිය අවධාරණය කරන අතර, මෙවැනි වංචාවන්ට ලක්වුවහොත් පරිගණක අපරාධ විමර්ශන අංශයේ 011-2300756, 071-8592918 හෝ 071-8591765 යන අංකවලින් සම්බන්ධ කරගත හැකිය.
















