රථවාහන වැරදිවලට අදාළව, විශේෂයෙන්ම වේග සීමා උල්ලංඝනය කර ඇති බව පවසමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නමින් ව්‍යාජ කෙටි පණිවිඩ (Phishing scams) මේ දිනවල සමාජ මාධ්‍ය සහ ජංගම දුරකථන ඔස්සේ ජනතාව වෙත යොමු වන බවට අධිවේගී මාර්ග කොට්ඨාසයේ අන්තර් හුවමාරු ඒකකය වෙත පැමිණිලි ලැබී තිබේ.
මහජනතාව නොමඟ යැවීම සඳහා සකස් කරන ලද මෙවැනි සයිබර් තර්ජන සහ වංචනික ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා වීම සඳහා නොදන්නා සබැඳි වෙත පිවිසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස ආරක්ෂක අංශ සහ අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම, බැංකු ගිණුම් විස්තර, මුරපද හෝ වෙනත් සංවේදී පෞද්ගලික තොරතුරු කිසිවිටෙකත් එවැනි ව්‍යාජ වෙබ් අඩවි හෝ ආකෘතිවලට ඇතුළත් නොකරන ලෙසත්, රථවාහන දඩ මුදල් හෝ නීතිමය කටයුතු සම්බන්ධයෙන් නිල මූලාශ්‍ර හරහා කරුණු තහවුරු කරගන්නා ලෙසත් දන්වා සිටියි. මෙවැනි වංචනික පණිවිඩ ලැබුණහොත් ඒ පිළිබඳව වහාම අදාළ නීතිමය ආයතන හෝ සයිබර් අපරාධ අංශ වෙත දැනුවත් කිරීමට කටයුතු කරන්න.














