රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට පවතින බව පවසමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට අනතුරු අඟවයි.
මෑත කාලීනව මෙවැනි ව්‍යාජ පණිවිඩ මගින් පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන සයිබර් තර්ජන සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව පොලිසිය පවසයි. මෙවැනි නොමග යවන සුලු පණිවිඩවලට නොරැවටෙන ලෙසත්, අන්තර්ජාලය භාවිතයේදී සයිබර් තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර වහාම අනුගමනය කරන ලෙසත් පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.
















