27 April 2024
#දේශීය

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය අමාත්‍යාංශයට පමණක් සීමා නොවී සමස්ත රටේම වැඩසටහනක් විය යුතුයි – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම එක් අංශයකට පමණක් සීමා නොවී සමස්ත රටටම පොදු වැඩසටහනක් බවට පත්විය යුතු බව සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට පුනර්ජනනීය විදුලිය භාවිත කිරීම හා ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන්න හඳුනා ගැනීම හා ක්‍රියාත්සමක කිරීම සඳහා පත්කළ පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන අනුකමිටුව ඊයේ (09) පැවැත් වු අවස්ථාවේදිය.

මෙම කටයුත්ත සඳහා සියළුම නිලධාරීන්ගේ සහය හිමි විය යුතු බවත් එමෙන්ම එකී අභියෝග ජය ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ග මොනවාදැයි හඳුනා ගැනීමේ වැදගත්කමත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියේය

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීමටත් , විදුලි වාහන භාවිතය ප්‍රචලිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීමයි.

මෙහි දී නියමු ව්‍යාපෘතියක් ලෙසින් රාජ්‍ය ආයතනයන් තුළ විදුලි වාහන භාවිත කිරීමට යෝජනා කළේය . එහිදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙලෙස ගෙන්වනු ලබන වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය .

අමාත්‍යාංශයක් සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා පිය නගන විට එම ඉලක්කය ජය ගැනීම පිණිස අනෙකුත් අමාත්‍යාංශයන්හි ද සහය එම අමාත්‍යශයට හිමි විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

2030 වන විට රටේ සමස්ත විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කර ගැනීමේ ඉලක්කය සඳහා ගමන් කිරීමේ දී අමාත්‍යාංශයක් ලෙස තනිව ගමන් කිරීමේ හැකියාව තිබෙන නමුත් එම ඉලක්කය හා සම්බන්ධ අනෙකුත් සියළු අංශ ද මෙම ඉලක්කය සමඟ හැඩ ගැසිය යුතුය.

මෙරටට විදුලි වාහන ආනයනය කිරීමේ දී විදේශීය සැපයුම්කරුවන්ගෙන් වාහන මිලදී ගැනීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතා මොනවාදැයි හඳුනාගැනීම වැදගත්බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *