රජය විසින් පනවන ලද උපරිම සිල්ලර මිල (MRP) ඉක්මවා සහල් සැපයීම සම්බන්ධයෙන් වරදකරු වූ ප්‍රධාන මෝල් හිමියෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් මිලියනයක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) පවසයි.
2022 වසරේදී රජය විසින් රතු නාඩු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් හඳුන්වා දී තිබියදී, ඊට වඩා වැඩි මිලකට එනම් කිලෝග්‍රෑම් එකක් රුපියල් 225ක මිල සටහන් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි. අදාළ නඩුව බ්‍රහස්පතින්දා (06) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු වරදකරු කරමින් අධිකරණය මෙම දඩ මුදම නියම කළේය.














