පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස හා ව්‍යාපාර සඳහා මූල්‍ය ආධාර ලබාදීම අද (31) සිදුකර තිබේ. නිවාස අධිකාරිය මගින් ක්‍රියාත්මක “තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්” නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ මෙම චෙක්පත් බෙදා දීම සිදුකළේ නිවාස, ඉදිකිරීම සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීය.
මෙම අවස්ථාවේදී දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යාපාර හානි සිදුවූ 126 දෙනෙකු සඳහාද, නිවාස පූර්ණ හානි (ලක්ෂ 50) ලැබූ 3 දෙනෙකු සඳහාද, නිවාස අර්ධ හානි (ලක්ෂ 5) ලැබූ 49 දෙනෙකු සඳහාද මූල්‍ය පරිත්‍යාගයන් සිදු කර ඇත. මීට අමතරව, “තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්” නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ පවුල් 21ක් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍ය ප්‍රදානයන් ද මෙහිදී සිදු කර තිබෙන අතර, මෙම අවස්ථාවට තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී වූහ.
















