බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය පැරිස් නුවරදී සිදු වූ ඛේදනීය රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී වසර 24ක් පිරීම අදට යෙදී තිබෙන බව ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි.
ඇරොන් රෙයිච් විසින් රචිත මෙම වාර්තාව මගින් 1997 අගෝස්තු 31 වන දින සිදු වූ එම අවාසනාවන්ත සිදුවීම සහ ලෝකවාසී ජනතාවගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වූ ඩයනා කුමරියගේ මතකයන් පිළිබඳව නැවත මතක් කර දී තිබේ.
















