පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයට ගෑස් සපයන නල මාර්‌ගයේ අද (26) අලුයම සිදුවූ පිපිරීමකින් තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ රෝහලේ සෞඛ්‍ය කාර්‌ය සහායකයෙකු බවයි.
පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය පුද්ගලයාද එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
පිපිරීම හේතුවෙන් රෝහලේ මුළුතැන්ගෙය පිහිටි ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ වැඩිදුර විමර්‌ශන සිදුකරයි.
















