පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (26) පස්වරුවේ පොළොන්නරුව පොලිස් වසමේ පලුගස්දමන ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි. ඔහු සතුව තිබූ කැණීම් සඳහා භාවිත කරන උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













