බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩිතැබීමෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩිතැබීම සිදුකර පසුව එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, වෙඩිතැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.














