පොළොන්නරුව දිස්ත්රික්කයේ ජලාශවල පවතින මත්ස්ය සම්පත සුරක්ෂිත කර ගැනීම සහ ධීවර කර්මාන්තයේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් ක්රියාත්මක කරනු ලබන වාන් ආවරණ බාධක දැල් ප්රදානය කිරීමේ ව්යාපෘතියේ දෙවන අදියර යටතේ තවත් දැල් 12ක් ධීවර ප්රජාව වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. මෙම දැල් බෙදාදීමේ වැඩසටහන පසුගියදා පොළොන්නරුව දිස්ත්රික් ජලජීවී වගා ව්යාප්ති කාර්යාලයේදී පවත්වන ලද අතර, මේ වන විට මෙම ව්යාපෘතිය යටතේ පොළොන්නරුව දිස්ත්රික්කයේ ජලාශ 16ක් ආවරණය වන පරිදි රුපියල් මිලියන 10ක පමණ වටිනාකමකින් යුත් බාධක දැල් 22ක් ධීවර ජනතාවගේ ප්රයෝජනය සඳහා ලබා දී තිබීම විශේෂත්වයකි.
නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මැදිරිගිරිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයා මෙන්ම දිස්ත්රික් ධීවර සම්බන්ධීකාරක අමල් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙවැනි වැඩසටහන් මගින් ජලාශ ආශ්රිත මත්ස්ය සම්පත අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීමටත්, ධීවර ප්රජාවගේ දෛනික ජීවනෝපාය තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීමටත් විශාල දායකත්වයක් ලැබෙනු ඇති බව අපේක්ෂා කෙරේ.
















