කොළඹ ප්‍රදේශයේ සිට හැටන් දක්වා කුලී පදනම මත ලබාගත් ත්‍රීරෝද රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා රැගෙන ගිය සැකකරුවෙක් ඊයේ (සැප්තැම්බර් 06) පොල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කළුගල ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදී සිදුකළ හදිසි පරීක්ෂාවකදී මෙම ත්‍රීරෝද රථය නවතා පරීක්ෂා කර ඇති අතර, එහිදී සැකකරුගේ අත්බෑගය තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.5ක ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත.
කොළඹින් මත්ද්‍රව්‍ය රැගෙනවිත් වතුකරයේ තරුණයින් වෙත අලෙවි කිරීමේ ජාවාරමක මොහු නිරත වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. හැටන් – දික්ඔය, වනරාජා වත්තේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














