ඇමරිකානු ජාතික පළමු පාප්වහන්සේ වන 14 වන ලියෝ පාප්වහන්සේ (Pope Leo XIV), සිය සිව්දින අප්‍රිකානු සංචාරය අතරතුර ලෝක දේශපාලන ක්‍රමය සහ යුද්ධයට එරෙහිව දැඩි ස්ථාවරයක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැමරූන් රාජ්‍යයේදී අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ “ලෝකය ඒකාධිපතියන් අතළොස්සක් විසින් විනාශ කරනු ලබන” බවයි. මෙහිදී උන්වහන්සේ යුද්ධය සහ ලෝක අසමානතාවය දැඩි ලෙස හෙළා දැක ඇත. එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එරෙහිව ගෙන යන යුද ක්‍රියාවලිය පාප්වහන්සේගේ විවේචනයට ලක්වීමත් සමඟ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උන්වහන්සේව ප්‍රසිද්ධියේ විවේචනය කර තිබේ. පාප්වහන්සේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව අවබෝධයක් නොමැති අයෙකු ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් හඳුන්වා දී ඇත.
සාමාන්‍යයෙන් වතිකානුව ජාත්‍යන්තර දේශපාලනයේදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කළද, ලියෝ පාප්වහන්සේ එම සම්ප්‍රදායෙන් බැහැරව අසාධාරණයට එරෙහිව සෘජුවම හඬ නැගීමට තීරණය කර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. සිය ධුර කාලයේ පළමු මාස 10 තුළ නිහඬ පිළිවෙතක් අනුගමනය කළ උන්වහන්සේ, දැන් ලෝක මට්ටමේ සදාචාරාත්මක නායකයෙකු ලෙස නැගී සිටින බව විද්වතුන්ගේ මතය වී තිබේ.














