පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘K’ කාණ්ඩය යටතේ පැවැති පෘතුගාලය සහ කොන්ගෝ රාජ්‍යය අතර තීරණාත්මක තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනිමින් සම තත්ත්වයෙන් අවසන් විය. දෙපිලම කරට කර සටනක නිරත වූ මෙම තරගය නිමාවට පත්වූයේ ගෝල 1 – 1 ක් වශයෙන් දෙපාර්ශවයම සම මට්ටමක පසුවෙමිනි.
මේ අතර, මෙවර ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් වන එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර තරගය අද අලුයම 1:30 ට ආරම්භ වීමට නියමිතව තිබිණි.
මෙම තරගය ඇමෙරිකාවේ ආර්ලින්ටන් නුවර පිහිටි සුප්‍රසිද්ධ ඩලස් ක්‍රීඩාංගණයේදී (Dallas Stadium) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බව වාර්තා වේ.
















