මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල අතරතුර ජීවිතක්ෂයට පත් වූ ජේලර් චන්ද්‍රවංශ මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් වෙත එල්ල කරන ලද අමානුෂික වධහිංසා පිළිබඳ ඇඟ කිලිපොලා යන තොරතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් අනාවරණය වී තිබේ.
මෙම වාර්තාවට අනුව, අදාළ නිලධාරීන්ගේ හිස් කබල් කුඩු කර දැමීම ඇතුළු ඉතාමත් කෲර ලෙස පහරදීම් සිදුකර ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම, සිරකරුවන් විසින් නිලධාරීන්ගේ ගුද මාර්ගයන්ට කොසු මිටවල් ඇතුළත් කිරීම ඇතුළු ලිංගික අවයවවලට දැඩි හානි සිදුකරමින් අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සමාජයම කම්පනයට පත් කළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතී.
















