අද (12) දිනයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම අගය සෙල්සියස් අංශක 38.0ක් ලෙස සටහන්ව තිබේ.
දෙපාර්තමේන්තුවට අනුව, එදින දෙවැනි වැඩිම උෂ්ණත්වය ලෙස පොළොන්නරුව ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 37.2ක අගයක් වාර්තා විය. මෙම දත්ත ලබාගෙන ඇත්තේ පස්වරුවේ කලාපීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන මගින් වාර්තා වූ උපරිම උෂ්ණත්වයන් පදනම් කර ගනිමිනි.
















