පැසිෆික් සාගරයේ පිහිටි ඇමෙරිකාවට අයත් කුඩා දූපත් සමූහයක් වෙත ‘බාවි’ (Bavi) නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව අතිශය විනාශකාරී ලෙස කඩා වැදී තිබේ. ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් සඳහන් කරන පරිදි, පැයට කිලෝමීටර් 290ක වේගයකින් කඩා වැදුණු මෙම කුණාටුව හේතුවෙන් මුහුද දැඩි ලෙස කැළඹීමට ලක්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අඩි 35ක් තරම් උසැති යෝධ මුහුදු රළ දූපත් වෙත කඩා වදින බව වාර්තා වේ.
















