හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වෙන “Read with Ranil” නම් සුවිශේෂී තරුණ සංවාද වැඩසටහනක් ජූලි 15 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි. ජාතික තරුණ පෙරමුණේ ස්මාර්ට් එජාප ඒකකය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහනේ පළමු අදියර “නව ලෝක පිළිවෙළ: භූ දේශපාලනය, ආර්ථික වෙනස්වීම් සහ ශ්‍රී ලංකාවේ අනාගතය” යන තේමාව යටතේ පැවැත්වේ. ගෝලීය භූ දේශපාලනික වර්ධනයන්, ආර්ථික පරිවර්තනයන් සහ ඒවා ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට සහභාගිවන්නන්ට අවස්ථාව ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ බව සංවිධායකයෝ පවසති.
















