මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ මහතා ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට පමුණුවා තිබේ.
අදාළ නඩුව අද (16) ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ බව අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.













