22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් (31) අවසන් වන අතර, ඒ සඳහා පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 30 කට ආසන්න ප්‍රමාණයක් ගොනු කර ඇත.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අගෝස්තු 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව විරුද්ධ පක්ෂ නියෝජනය කරනේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), නීතිඥ සංගම් කිහිපයක් සහ සිවිල් සමාජ සංවිධාන විසින් පෙත්සම් ගොනු කර තිබේ. රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි ඇතුළු පාර්ශ්ව කිහිපයක්ද මීට පක්ෂව පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, 22 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර ඇති සියලුම පාර්ශ්වයන් අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව හිටපු මහාචාර්ය ජී.එල්. පීරිස් ගාල්ලේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ සමුළුවකදී සඳහන් කළේය.
















