ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. තමන්ගේ නිල කාලය අවසන් වීමට පෙර ධුරයෙන් ඉවත් කර තේරීම් කමිටුව ප්‍රතිසංවිධානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමාට මේ වන තෙක් කිසිදු නිල ලිඛිත දැනුම්දීමක් කර නොමැති බව ඔහු එහි පෙන්වා දෙයි. එවැනි නිල ලිඛිත නිවේදනයක් ලබාදීම හරහා සිය වගකීම් ක්‍රමවත් මෙන්ම වෘත්තීයමය මට්ටමකින් අවසන් කිරීමටත්, තමන්ගේ පෞද්ගලික වාර්තා නිවැරදිව තබා ගැනීමටත් හැකියාව ලැබෙන බව හිටපු සභාපතිවරයා සඳහන් කරයි. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පරිපාලනය විසින් ගනු ලබන උපායමාර්ගික තීරණ තමන් සැමවිටම අගය කරන බව පවසන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා, තමන්ව ධුරයෙන් ඉවත් කිරීමට හේතු වූ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මෙම ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














