27 April 2024
#සංවර්ධන

ළඟදීම බස්රථවල ගෙවීම් සඳහා Prepaid Travel Card

ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

දැනට පවතින කොවිඩ් 19 නිසා මුදල් පරිහරණයේ දී එම වෛරසය මුදල් මගින් මහජනතාව අතර පැතිරීමට ඇති ඉඩකඩ හේතුවෙන් විශේෂයෙන් මගී ප්‍රවාහනයේ දී ඉන් සිදුවිය හැකි බලපැම වැඩි බව පෙනී ගොස් තිබේ.

එම නිසා මෙම පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පත කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය. ඊයේ (08) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම මෙම කාඩ්පත දුම්රිය ගමනාගමනය සඳහා ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව කී අමාත්‍යවරයා මෙම පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පත හඳුන්වා දීමෙන් පසුව ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්හට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැටුපට අමතරව මාසික දීමනාවක් ද ලබා දීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබීය.

පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට ද වැටුපට අමතරව දීමනාවක් ලබා දීම සම්බන්ධව පුද්ගලික බස් රථ හිමියන් සමග සාකච්ඡා කරන ලෙස ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබීය.

මෙම Travel Card පත සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට කියා සිටියේ ජූලි මාසයේ අවසන් සතිය වනවිට මෙම කාර්ඩ් පත අප රටේ මගීන්ගේ පරිහරණය සඳහා හඳුන්වා දීමට සූදානම් බවයි.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *