27 April 2024
#දේශීය

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ගම්පහ සුදානම් කරන්න ඇමැති ප්‍රසන්න සුදානම්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව දිස්ත්‍රික් නායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අද (20) භාර දී ඇත.

ඒ කමිටු සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීනි සන්ධ්‍යා සිරිවර්ධන හා ආනන්ද හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු විසිනි.

මෙම කමිටුව පත් කෙරුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවකදීයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මතය අහඹු ලෙස විමසා ඔවුන් මුහුණ දෙන ගැටළු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වාර්තාවක් සැකසීම මෙම කමිටුවට පැවරුණු වගකීමයි.

කමිටුව පසුගිය දින දෙක තූළ රැස් වි අදාළ වාර්තාව සකස් කර තිබිණි. ඉදිරි මැතිවරණයේ දි පොහොට්ටුව සන්ධානයකින් තරඟ කළ යුතු බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව සම්බන්ධ කරගත යුතු බවත් කමිටුවේ මතය වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *