පෙර පාසල් ගුරුවරුන්ගේ රැකියා අවදානමට ලක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ පාර්ශ්ව මගින් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හේතුවෙන් කිසිදු පෙර පාසල් ගුරුවරයෙකුගේ රැකියාව අහිමි නොවන බවයි. නව ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතැම් පාර්ශ්ව විසින් පතුරුවා හරිනු ලබන වැරදි තොරතුරු හේතුවෙන් ගුරුවරුන් අතර අනවශ්‍ය බියක් හා කනස්සල්ලක් මතු වී ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින්, මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස අමාත්‍යාංශය පෙර පාසල් ගුරුවරුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















