ඊයේ (1) රාත්‍රී කාලයේදී රාගල පොලිස් වසමට අයත් බෘක්සයිඩ් වතුයායේ තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ගින්නක් හටගෙන තිබේ. මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ.
ගින්න පිළිබඳව දැනගත් වහාම නුවරඑළිය ගිනි නිවන ඒකකය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ. වාසනාවකට මෙන් මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති අතර ජීවිත හානිද වාර්තා වී නැත. කෙසේ වෙතත්, ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් රාගල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.














