ගෝලීය සයිබර් ආරක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් වන Sophos, සිය Sophos Managed Risk සේවා පද්ධතියට එක් කළ හැකි Exploit Path Verification (EPV) තාක්ෂණික හැකියාව නිල වශයෙන් හඳුන්වා දී තිබේ.
මෙම තාක්ෂණය මගින් ආයතනික පරිගණක පද්ධති තුළ පවතින සයිබර් අවදානම් සහ දුර්වලතා වඩාත් නිවැරදිව හඳුනාගෙන, ඒවාට ප්‍රමුඛත්වය ලබාදීමට ආරක්ෂක කණ්ඩායම්වලට සහාය ලබාදීම අරමුණු කරයි.
Sophos සඳහන් කරන පරිදි, මෙම පද්ධතිය OpenAI හි GPT කෘත්‍රිම බුද්ධි සයිබර් මාදිලි සහ Daybreak Defense Network ජාලය සමඟ ඒකාබද්ධව ක්‍රියා කරමින්, සයිබර් අවදානම් සහ ඒවා සාර්ථකව ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව අතර පවතින සංකීර්ණ තාක්ෂණික සම්බන්ධතා විශ්ලේෂණය කරයි.
සාමාන්‍ය ආරක්ෂක ස්කෑන් ක්‍රම මගින් පද්ධතියක දුර්වලතා හඳුනාගත හැකි වුවද, එම දුර්වලතාවක් සයිබර් ප්‍රහාරකයෙකුට සැබෑ ලෙස ප්‍රයෝජනයට ගත හැකිද යන්න හඳුනාගැනීම සීමිත බව Sophos පෙන්වා දෙයි.
නව EPV තාක්ෂණය මගින් පරිගණක උපාංග, මෘදුකාංග යාවත්කාලීන තත්ත්වය, පරිශීලක අනන්‍යතා, වරප්‍රසාද මට්ටම්, ජාල සම්බන්ධතා සහ ප්‍රවේශ මාර්ග ඇතුළු සාධක රැසක් එකවර විශ්ලේෂණය කර අවදානම් මාර්ග හඳුනාගැනීමට කටයුතු කරයි.
එමගින් දුර්වලතා තනි තනිව පරීක්ෂා කිරීමට වඩා, සයිබර් ප්‍රහාරකයෙකුට ආයතනයක පද්ධතිය තුළට ඇතුළු වී ඉදිරියට ගමන් කළ හැකි ආකාරය පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ආරක්ෂක කණ්ඩායම් වෙත ලබාදීමට හැකියාව ලැබෙන බව සඳහන් වේ.
















