• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමයි!

ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

1 October 2026
in දේශීය, පුවත්
දරුවන්ගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතියේ වටිනාම සම්පත වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂා සාක්ෂාත් කර දීම වත්මන් රජයේ පරම වගකීම බව ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. හුදෙක් අනාගතය සඳහා දරුවන් සූදානම් කිරීම පමණක් නොව, වර්තමානයේදීම ඔවුන්ගේ හඬට සවන් දෙමින්, හැකියාවන්ට පූර්ණ අවකාශය සලසා දෙන සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ජාතික මට්ටමින් ඉටුකළ යුතු අත්‍යවශ්‍ය මෙහෙවරක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. කිසිදු දරුවෙකුගේ ජාතිය, ආගම, ආර්ථික තත්ත්වය හෝ භූගෝලීය පසුබිම අධ්‍යාපනයට බාධාවක් නොවන අයුරින් සමාන ප්‍රවේශයක් සහ සමාජ ආරක්ෂණයක් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාව වී ඇති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරිණි.
දෙමාපියන්ට බරක් නොවන, දරුවන්ට පීඩාවක් නොවී නව ලෝකයේ අභියෝග ජයගත හැකි කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විටත් රට තුළ ක්‍රියාවට නංවා ඇති අතර, අස්ථාවර ආර්ථිකයක සෙවණැලිවලින් තොර සුන්දර ළමා වියක් උරුම කර දීම සඳහා රජය ආර්ථිකය නිවැරදි දිශානතියකට මෙහෙයවමින් සිටී. විශේෂයෙන්ම, වර්තමාන සමාජය මුහුණපාන බරපතල උවදුරක් වන විෂ මත්ද්‍රව්‍ය ජාලයෙන් දරු පරපුර මුදා ගැනීම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, දරුවන්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන සහ හිංසන මැඩලීම සඳහා වන නීතිමය සහ ආයතනික යාන්ත්‍රණයන් තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බව ප්‍රකාශ කරයි.
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන කාලෝචිත තේමාව පෙරදැරිව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇති ජාතික ළමා දින සතියේ වැඩසටහන් අගය කරන ජනාධිපතිවරයා, අධ්‍යාපන ශිෂ්‍යත්ව පුළුල් කිරීමේ සිට ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැකවරණය ලබන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම දක්වා වූ පුළුල් වැඩසටහන් හරහා සෑම දරුවෙකුටම අභිමානවත් හෙට දවසක් උරුම කර දීමට රජය අඛණ්ඩව කටයුතු කරන බව තහවුරු කරයි. දරුවන් වෙනුවෙන් ගොඩනඟන මෙම සුරක්ෂිත හා සාධාරණ සමාජ පසුබිම ඔස්සේ මෙරට සමස්ත දරු පරපුරේ මානසික හා භෞතික යහපැවැත්ම තහවුරු වනු ඇතැයි ජාතික මට්ටමින් දැඩි අපේක්ෂාවක් පවතී.
Post Views: 2
Previous Post

හෙරොයින්, කොකේන් සහ අයිස් කිලෝ 4කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලිස් භාරයට!

Next Post

ශ්‍රී ලංකා රේගුවේ ඉතිහාසයේ නව පරිවර්තනයක්…

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා රේගුවේ ඉතිහාසයේ නව පරිවර්තනයක්…

ශ්‍රී ලංකා රේගුවේ ඉතිහාසයේ නව පරිවර්තනයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved