• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජුනි 07 තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනපතිගෙන් තීරණයක්

28 May 2021
in දේශීය

ජුනි මස 07 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබිණ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතරමැද තෝරාගත් දින 03ක් විවෘතව තැබීම මීට පෙර තීරණය වු නමුත් පසුගිය 25 වනදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව ක්‍රියා කළ ආකාරය වසංගතය පැතිර යාමට ඉඩ හැරීමකි.

ඒ අනුව වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සහාය එමගින් අසාර්ථක විය හැකි බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ඒ අනුව මැයි මස 31 සහ ජුනි මස 04 යන දෙදින සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබු තීරණය අත්හිටුවීමටත්, ඉදිරි දින සඳහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ජංගම අලෙවි රථ මගින් බෙදාහැරීමටත් පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැර යාමට අවසර දී තිබේ. මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ළග තබාගැනීම අනිවාර්යය වේ. කොවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයට ජනතාව ද වගකීමෙන් සහාය දිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

සයිනොෆාම් එන්නත ලබාදීම මැයි මස 08 වනදා සිට ආරම්භ කෙරිණ. එහි ප්‍රථම එන්නත ලබාගත් ජනතාවට, ජුනි මස 08 වනදා සිට මාසයක් පිරෙන දිනයේදී පළමු එන්නත ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්කයන්හි එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

මත්ස්‍ය පරිභෝජනයට අනිසි බියක් ඇතිකරගත යුතු නැති බව ධිවර ඇමැති කියයි

Next Post

කොරෝනා එන්නත් බ්ලැක් මාර්කට් එකෙන් ගෙන ඒමට ආණ්ඩුවේ සූදානමක් ගැන මන්ත්‍රී මනුෂ කියයි

editor

editor

Next Post

කොරෝනා එන්නත් බ්ලැක් මාර්කට් එකෙන් ගෙන ඒමට ආණ්ඩුවේ සූදානමක් ගැන මන්ත්‍රී මනුෂ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved