ශ්රී ලංකා රේගුවේ කටයුතු ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය (Paperless Customs Declaration Process) අද (01) සිට ක්රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව සියලු ආනයනකරුවන් සහ ප්රකාශකයන් විසින් සිය රේගු ප්රකාශන (CusDecs) ඇතුළු අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සනක් සහිතව ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
නව ක්රමවේදය ක්රියාත්මක වීමත් සමඟ පැරණි ක්රමයට ඉදිරිපත් කරන රේගු ප්රකාශන තවදුරටත් භාර නොගැනෙන බව ශ්රී ලංකා රේගුව සඳහන් කරයි.
ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදුකරන වෙනස්කම් පද්ධතිය මඟින් හඳුනාගත හැකි බැවින්, රේගු නිෂ්කාශන ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමට මෙන්ම වංචා හා දූෂණ සඳහා ඇති අවස්ථා අවම කිරීමටද මෙම ක්රමවේදය මඟින් හැකි වනු ඇත.
















