• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

5 February 2021
in දේශීය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ආරම්භ කෙරිණ.

වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ උමග ඉදි කෙරේ.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම ලෙස උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල සිට රජරටට ජලය ගෙන යාම ව්‍යාපෘතියේ අරමුණයි. ය පරිසර හිතකාමී සංවර්ධන වැඩසටහනක් ලෙස සැලසුම් කර ඇත. මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවල අතිරික්ත ජලය කි.මි 65ක ඇල මාර්ගයක් ඔස්සේ යකල්ල දක්වා ගෙන යනු ලැබේ.

ඇල මාර්ගය සැකසීමේ දී අභය භූමි 03ක් පසුකර යාමට සිදු වේ. එහිදී පරිසරයට සහ වන සතුන්ට වන හානිය වළකනු පිණිස වාරි උමග ඉදි කෙරේ. ඇලහැර කෝඳුරුවැවෙන් ආරම්භ වන උමග පලුගස්වැව මහමීගස්වැවෙන් අවසන් වෙයි.

වසර 06කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය වසර 04 කදී එනම් 2025 වන විට අවසන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ශ්‍රි ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියේ උමං මාර්ගය සඳහා වැය කෙරෙන මුදල අමරිකානු ඩොලර් මිලියන 244කි.

උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ දරිද්‍රතාවට සහ වකුගඩු රෝගයට ජල ගැටළුව ප්‍රබල සාධකයක් වී තිබේ. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පවුල් 25,000කට ප්‍රතිලාභ සැලසේ. කුඩා වැව් 1200කට ජලය සැපයීමෙන් හෙක්ටයාර 43,000ක් යල මහ දෙකන්නයේ අස්වැද්දීමට අපේක්ෂිතය.

“වාරි සෞභාග්‍යයා” උතුරු මැද පළාත් මහ ඇල වාරි උමගේ ඉදිකිරීම් සමාරම්භක උත්සවය අනුරාධපුර, මහමීගස්වැව සංවිධාන කර තිබිණ.

අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවණය කර මංගල පස් පිඩැල්ල කැපීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

පෙර රජ දරුවන් මග ගනිමින් අහසින් වැටෙන සහ මුහුදුට ගලායන ජල කඳ කෙත් බිම් අස්වැද්දීමට යොදා ගැනීම වත්මන් රජයේ අරමුණ බව වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් පැවසීය.

“සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් වෙමින් රජ රටට මෙතෙක් සිහිනයක් වී තිබූ පානීය හා වගා ජලය උතුරු මැද පළාත් මහ ඇළ ඔස්සේ ලැබීමෙන් ජන ජිවිතය පණ ගැන්වෙන බව මහවැලි කලාප ආශ්‍රිත ඇල වේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පැවසීය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරු,උතුරු හා උතුරු මැද පළාත් මහජන නියෝජිතයින්, අමාත්‍යාංශය ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 21
Previous Post

මෙරට කොරෝනා මරණ අනුපාතය කෙමින් කෙමින් වැඩි වෙයි .. අදත් 7 කුරුණෑගලින්

Next Post

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය නව නිලධාරින් පත් කරයි

editor

editor

Next Post

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය නව නිලධාරින් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved