• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපතිගේ නිරීක්ෂණයට

19 September 2020
in සංවර්ධන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය.

ජනාධිපතිවරයාගේ චාරිකාව අරඹමින් මදුරන්කුලිය, පාලච්චෝනයි වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලීය. අක්කර 900ක භූමි ප්‍රදේශයක පොල් එළවළු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගාකර තිබේ. අක්කර 10ක භූමිභාගයක සාර්ථකව කරගෙන යන ආදර්ශ මිදි වගාව ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

ඉතාලි රජයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනය ද ජනාධිපතිවරයා විසින් විවෘත කෙරිණ. සිසුන් 50 දෙනෙකුට නේවාසික ප්‍රායෝගික පුහුණුව දිය හැකි පරිදි ආයතනය සැලසුම් කර ඇත. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී දරු දැරියන් පුහුණු කිරීමට මෙහි වැඩි අවස්ථාව සලසන බව කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

කොළඹ අගරදගුරු මන්දිරයේ අධික්ෂණය යටතේ ආයතනය පාලනය වෙයි. පුහුණු මධ්‍යස්ථානයේ පියතුමන් සමග ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත විය.

මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන් සමග පිළිසඳර කතාවෙන් මද වේලාවක් ගත කළේය. විද්‍යාලයේ ක්‍රීඩාංගණය ඉදි කර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම යුද හමුදාපතිවරයාට දැනුම් දුන් ජනාධිපතිවරයා කඩිනමින් එය ඉදිකර දෙන්නැයි පැවසීය. මාර්ගයේ අනෙක් පස පිහිටි ප්‍රාථමික විද්‍යාලය සම්බන්ධ කරමින් ගුවන් පාලමක් තනා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබීය. මාර්ග දුෂ්කරතා සහ තවත් ජනතා ගැටළු කිහිපයකට සවන් දුන් ජනාධිපතිවරයා ඒවාට එසැණ විසඳුම් දුන්නේය.

මදුරන්කුලිය පාලච්චෝනයි සිට දළුව ප්‍රදේශයට ගමන්ගත් ජනාධිපතිවරයා මග දෙපස රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත විය.

බීට්, දුම්කොළ, අමුමිරිස් සහ ලූණු වගාබිම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා වගාවන් සඳහා ගොවි ජනතාව දිරිමත් කළේය.

දළුව, නිර්මලපුර සුළං විදුලි බලාගාරය ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා චාරිකාවට එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

Ceylon Tea නාමයට හානිවීමට ඉඩ දෙන්න එපා – ජනපති

Next Post

අධිකරණ ඇමති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කරයි

editor

editor

Next Post

අධිකරණ ඇමති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved