• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව නිපැයුම් නිර්මාණයට ආයෝජකයන් සොයන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

24 September 2020
in සංවර්ධන

ආයෝජකයන් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නිපැයුම් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ආයතන ගණනාවක් කර ඇති පර්යේෂණවල ප්‍රතිඵල ලෙස දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ දිනාගත හැකි නව නිපැයුම් රැසක් සැලසුම් කර තිබේ. ඒවා නිෂ්පාදනයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට උපයා ගැනීමටත්, නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමටත් හැකිවන බව පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

පොලී අනුපාතය, මූල්‍ය ඒකකය හා කොටස් වෙළෙඳපොළ ස්ථාවරත්වය සතුටුදායක අතට හැරී ඇතිබව නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රමුඛතා 10ක් හඳුනාගෙන වේගවත් ආර්ථික සංවර්ධනයකට මග සැලසීම තම අමාත්‍යාංශයේ අරමුණ බව සඳහන් කළේය.

ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේදී ආයෝජකයන් ආකර්ශනය කරගත හැකි පසුබිමක් රට තුළ ගොඩනැගී තිබේ. නිසි ප්‍රචාරණ ව්‍යාපාරයක් මගින් සහ තානාපතිවරුන්ගේ සහාය ඇතිව ආයෝජකයන් ගෙන්වා ගැනීමට සැලසුම් කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ආයෝජන අවස්ථා හඳුනාගෙන, යටිතල පහසුකම් සහ අවශ්‍ය අනුමැතිය පිළියෙළ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අන්තර්ජාතික ව්‍යාපාරික ප්‍රමුඛයන් සඳහා කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන කාර්යාලයක් ස්ථාපනය කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

රාජ්‍ය ආයතන ගමට යාමේ වැදගත්කමත්, බැංකුවල සහාය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දීමෙන් වේගවත් ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

සිමෙන්ති සහ යකඩ මිල පහත දැමීමට ඇති හැකියාව සොයා බැලීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිවැය අඩුකරගත හැකි බව පෙන්වා දුන්නේය.

2015 ට පෙර රටේ පැවති සංවර්ධන පරිසරය යළි උදා කළ යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොල් ඉඩම් කට්ටි කිරීම වහා නතර කළ යුතු බව අවධාරණය කළේය.

මහා පරිමාණ ව්‍යාපෘති 289ක් රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒවා කඩිනමින් නිම කරන්නැයි පැවසූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මාර්ග, ජල ව්‍යාපෘති, පාසල් යටිතල පහසුකම් ඇතුළු සැලසුම් කර ඇති සංවර්ධන වැඩ නොපමාව නිම කිරීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කළ හැකි බව සඳහන් කළේය.

තරුණ පරපුර සහ දේශීය ආයෝජකයන් ආකර්ශනය වන ආකාරයෙන් කොටස් වෙළෙඳපොළ ගණුදෙණු සැලසුම් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සිංහල භාෂාව භාවිතයෙන් සහ නිසි දැනුවත් කිරීමෙන් දේශීය ව්‍යාපාරිකයන් පහසුවෙන්ම කොටස් වෙළෙඳපොළ වෙත ඇඳ ගැනීමට හැකි බව ජනාධිපතිවරයා කීය.

බිඳ වැටී ඇති පෞද්ගලික මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවනට උපරිම සාධාරණය ඉටුකිරීමට පියවර ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ සමාගම් සතු වත්කම් හඳුනාගෙන තැන්පත්කරුවන්ට යුක්තිය ඉටු කරන්නැයි ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

Next Post

මෙරට කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

editor

editor

Next Post

මෙරට කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved