• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් තුන්වන රැල්ල පාලනය ජනපති උපදෙස් දෙනවා – රාජ්‍ය අමාත්‍ය ලාන්සා 

30 April 2021
in දේශීය

කොවිඩ් 19 තුන්වෙනි රැල්ල පාලනය කිරීම සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සෞඛ්‍ය අංශ හා අදාළ විශේෂඥයින්ගේ උපදෙස් මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) දින වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වත්තල ආසනයේ කොවිඩ් පාලන සාකච්ජාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ” කොවිඩ් 19 පළවෙනි හා දෙවැනි රැල්ලට වඩා තුන්වෙනි රැල්ල පාලනය වඩාත් අභියෝගාත්මක වී ඇති අතර එය පාලනය කිරීම සදහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වෙත අපගේ උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කළ යුතුයි. වසරකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ දැඩි කැපවීමක හා වෙහෙසර කාර්යයක නිරත වන අතර ඔවුන් කරනු ලබන මෙම මහගු සේවාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. ලෝකයටම අර්බුදයක් වී ඇති මෙම වසංගතය පාලනය සඳහා එන්නත්කරණයට හා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීම සදහා ජනතාව පෙළඹවිය යුතුයි. වත්තල ආසනය තුළ 25,355 ක් එන්නත්කරණ කටයුතු සිදු කර තිබේ. වත්තල ආසනය තුළ කොවිඩ් 19 පාලනය කිරීමේ කටයුතු සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍ය ප්‍රවාහන හා කාර්ය මණ්ඩල අවශ්‍යතා වත්තල ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබා දීමට මෙහිදී තීරණය කරනු ලැබීය. එමෙන්ම ආසාදිත හා නිරෝදායනය වන නිවෙස් වලට රජය විසින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ ප්‍රමාදයකින් තොරව ලබා දීමට ද තීරණය විය. කොව්ඩ් පාලන කටයුතු මෙන්ම ඩෙංගු පාලනය හා අනෙකුත් සායනික කටයුතුද බාධාවකින් තොරව පවත්වාගෙන යාම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය. සෞඛ්‍ය විශේෂඥයින් විසින් දෙනු ලබන උපදෙස් මත රට වසා දැමීම හෝ නොදැමීම රජය විසින් තීරණය කරනු ලබන අතර ඒ තීරණය කෙසේ වෙතත් කොවිඩ් 19 පාලනය සදහා සහාය දීමට ග්‍රාමීය කමිටු සක්‍රීය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

හිටපු පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස්, උප සභාපති ජගත් ජයතුංග, වත්තල ප්‍රාදේශීය ලේකම් ටී.පී.ජී. රාජිකා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී සදමාලි කුරේ ඇතුලු රජයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Post Views: 7
Previous Post

පොලිස් වසම් කිහිපයක් හුදෙකලා කරයි

Next Post

ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින්

editor

editor

Next Post

ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved