• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරිසරයට හානි නොවන සේ ජනතා අවශ්‍ය ඉටුකරන බව ජනපති ලංකාගමදී කියයි

29 August 2020
in සංවර්ධන

පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිවරයා අද (29) නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළේය.

සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මාර්ගයේ ඉදිකිරීම් කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වය දැඩි බාධාවක් විය. ඊට
පිළියම් ලෙස “නෙළුව – ලංකාගම – පිටදෙනිය” මාර්ගයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරිණ.

සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පරිසරවේදීන් පිරිසක් කළ චෝදනා හේතුවෙන් ප්‍රතිසංස්කරණ නවතන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය.

මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් දෙනු ලැබිණ. මාර්ගයේ ප්‍රතිසංස්කරණ නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වේ.

ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිවරයා තරයේ අවධාරණය කළේය.

ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කෙරිණ.

ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද සමගාමීව සිදු කෙරේ. වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරේ.

පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 03 බැගින් නොමිළේ දී පැළ 2100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

සිංහරාජ වන රක්ෂිතය සහ පරිසර පද්ධතිය පාරම්පරිකව රැකගත් තමන්ට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට එරෙහිව පරිසරවේදීන් කණ්ඩායමක් කරුණු හරිහැටි නොදැන බලපෑම් කරන බව පවසමින් ප්‍රදේශවාසීහු දැඩි විරෝධය පළ කළහ. තම කුඩා පුතණුවන් කරේ හොවාගත් පියෙකු “අප විඳි දුෂ්කරතා දරුවන්ට විඳීමට ඉඩ නොතබන” ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මූලික ජීවන අවශ්‍යතා සපුරාගත නොහැකිව පීඩාවට පත්ව සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් මාර්ගයේ ප්‍රතිසංස්කරණයට ජනාධිපතිවරයා ත් තීරණයට මහා සංඝරත්නය ආශිර්වාද කළහ.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා , සම්පත් අතුකෝරළ, නිපුණ රණවක, චන්දිම වීරක්කොඩි, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සහ අමාත්‍යාංශ රැසක නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Post Views: 13
Previous Post

නව ව්‍යවස්ථාවක් ගෙන එන බව අධිකරණ ඇමැති කියයි

Next Post

අතේ මුදලට නැනෝ වතුර ෆිල්ටරයක් – මැටි ඇමැතිගෙන් අලුත් වැඩක්

editor

editor

Next Post

අතේ මුදලට නැනෝ වතුර ෆිල්ටරයක් - මැටි ඇමැතිගෙන් අලුත් වැඩක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved