කොරෝනා වෛසරය ආසාධනය වු නිරෝගි පුද්ගලයින් නිරෝධායන කරනු ලබන ස්ථාන මේ වන විට රටේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති නමුත් එහි සිටින පුද්ගලයින්ගේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළීවෙලක නොමැති බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කර සිටින්නේ කොරෝනා ආසාදිතයින් නිරෝධානය සඳහා යොමු කිරීම ඔබ විසින් ගෙන යනු ලබන මෙම වැදගත් කාර්යකි. නමුත් යම් පිරිසක් විසින් එම භාර්යදුර්ය කටයුත්ත අකමන්ය වෙන අකාරයට කටයුතු කිරීම නිසා එයින් ඔබගේ කිර්තිනාමයට පවා සිදුවන්නේ හානියකි.
ජනාධිපතිතුමනි අප මේ කතා කරන්නේ බිංගිරිය – වයඹ ජාතික ගුරු අධ්‍යාපන විද්‍යා පිඨය සම්බන්ධයෙනි. එහි මේ වන විට කොරෝනා ආසාදිතයින් 550 ක් පමණ සිටි. ඔවුන් කිසිදු රෝග ලක්ෂණයක් නොමැති තරුණ පිරිස වන අතර ඇතැම් අය ඉහළ පෙලේ රැකියා ස්ථානවලදී කොරෝනා ආසාදිත බව හදුනාගත් අයයි. තවද කොළඹ මහල්නිවාස වල සිටි පුද්ගලයින්ද මෙහිදී රඳවා ඇත. ඔවුන්ට කිසිදු ආකාරයකින් වෛද්‍යවරුන් සමඟ හෝ සේවා සපයන්නන් සමඟ කතා කිරීමට අවස්ථාවක් නොමැති අතර එම ස්ථානයම වට කර ඇති බව දැනගන්නට ඇත.
එම පිරිස කියා සිටින්නේ තමන්ට නිසි ක්‍රම වේදයක් මෙම ස්ථානවල නොමැති බවයි. ඔවුන්ට සනිපාරක්ෂක පහසුකම් පවා නොමැති වීම පිරිසිදු වැසිකිලි පහසුකම් පිරිසිදු කිරීම් සිදු නොකරන බවයි.
ඇතැම් ස්ථාන අපවිත්‍ර ස්ථාන බවට තිබිම. පානිය ජලය මෙන්ම ස්නානය කිරීමට අවශ්‍ය ජලය පැය 6ක් පමණක් ලැබීම නිසා ද බොහෝ අවස්ථාවලදී එහි සිටින පිරිස් දැඩි අපහසුතාවයට ලක්වන බව දැනගන්නට ඇත. එක අයෙකු දින 14 ක් මෙම ස්ථානයේ රැඳි සිටිය යුතු අතර ඔවුන් ලබා දෙන ආහාර පාන පවා කෑමට තරම් සුදුසු තත්ත්වයේ නොමැති බව එහි සිටින පිරිස් චෝදනා කර සිටි.
මෙවැනි ස්ථාව රටේ තවත් ඇති අතර එහි සිටින පිරිස්ද කීමට නොහැකි තරම් අපහසුතා මැද සිටින්නේය. ජනාධිපතිතුමනි ඔබගේ අවධානය මේ සදහා යොමු කර මෙම වැඩපිළිවෙල නිසි ලෙස ඉටු කරන ආකාරයට සිදු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ එහි අසරණය සිටින පිරිස විසිනි.
එම ස්ථානයේ අපගේ අවධානයට යොමු වු ස්ථාන කිහිපයක්.