• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මත්ස්‍ය ආනයනයට වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට ජනපතිගෙන් සැලැස්මක්

28 August 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව රජය ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැය කරන බව ජනාධීපතිවරයා කියා සිටියේය.

ධීවර කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට මෙතෙක් දී ඇති දායකත්වය 1%කි. රට වටා මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ඵල ගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තය පත්විය යුතුයැයි ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවුසවේ ඊයේ (27) විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

විසිතුරු මත්ස්‍ය අපනයනයේදී මිරිදිය මත්ස්‍යයින් 95%ක් සහ කරදිය මත්ස්‍යයින් 98%ක් දේශීයව අභිජනනය කර අපනයනය කෙරේ. විසිතුරු මත්ස්‍ය වර්ග 700කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කිරීමේ හැකියාව ඇතැයි විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවෝ පෙන්වා දුන්හ. මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයින් අභිජනනය කර අපනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර නැවත අපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ සොයා බලන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රට අභ්‍යන්තරයේ ඇති වැව් සංඛ්‍යාව 18,000ක් පමණ වේ. එහෙත් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට යොදාගෙන ඇත්තේ 1500කට ආසන්න වැව් සංඛ්‍යාවකි. කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මිරිදිය මසුන් බෝ කළ හැකි වැව් හඳුනාගෙන ග්‍රාමීය ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීය හැකියැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මිරිදිය මත්ස්‍ය ප්‍රවර්ධනයට මත්ස්‍ය පැටව් 90,000ක් වැව්වලට මුදාහැරීමට සැලසුම් කර තිබේ.

අධිශීතකරණ සහ සනීපාරක්ෂක පහසුකම් සහිත බහුදින යාත්‍රා නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව සහ ධීවරයන්ට වෘත්තියේ පුහුණුවක් දීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් විය.

ධීවරයන්ට හෝ යාත්‍රාවලට හෝ සේවා සැපයීමට නොහැකි මට්ටමට ධීවර සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි අනාවරණය කෙරිණ. 2017 වසරේදී ඉදි කළ අධිශීතාගාර අකර්මන්‍ය වී තිබේ.

ක්‍රියාත්මක තත්ත්වයේ ඇති අධිශීතාගාර පසුගිය පාලන සමයේදී වසර 33ක් වැනි දීර්ඝ කාලයකට පෞද්ගලික ව්‍යාපාරිකයින්ට බදු දී ඇතැයි ධීවර කර්මාන්තයේ නිරත පිරිස් සඳහන් කළහ.
එය ධීවර කර්මාන්තය බිඳ දැමීමේ අරමුණින් කරන ලද්දකැයි ඔව්හු කියා සිටියහ.

කරවල නිෂ්පාදනයේදී මෙරට සාගරයෙන් සපයා ගත නොහැකි මත්ස්‍යයින් පමණක් ආනයනය කළයුතු බව ජනාධිපතිවරයා පැවසිය.

මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න ප්‍රවර්ධනයට හඳුනාගත් ස්ථාන 172ක කෘත්‍රීම අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කර ඇති දුම්රිය මැදිරි, බස් රථ සහ ධීවර යාත්‍රා සාගර පතුළේ තැන්පත් කිරීමට තීරණය කෙරිණ.

ටින් මාළු නිෂ්පාදනයට අවශ්‍ය මත්ස්‍ය අවශ්‍යතාව දේශීයව සපුරාගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මෙරට ධීවරයින්ට සහ ධීවර කර්මාන්තයට සහයවීමට අවශ්‍ය නැව් දේශීය ආයතන මගින් නිෂ්පාදනය කළ යුතුයැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරිහූ, ධීවර කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදකයෝ සහ ව්‍යාපාරිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

පාසල් විභාගය දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

Next Post

කිලිනොච්චියේ රජයේ ඉඩම් වල පදිංචි වී සිටින අයට ඉඩම් බලපත්‍ර ලබා දෙනවා – ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

කිලිනොච්චියේ රජයේ ඉඩම් වල පදිංචි වී සිටින අයට ඉඩම් බලපත්‍ර ලබා දෙනවා - ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved