පවතින ආණ්ඩුවට එරෙහිව සුළු පිරිසක් විසින් සිදු කරනු ලබන විරෝධතා සහ විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, 10ක් 15ක් වැනි කුඩා පිරිසක් පැමිණ ආණ්ඩුවට ඉවත්ව යන ලෙස පවසමින් විරෝධතාවල නිරත වන බවයි. කෙසේ වෙතත්, එම විරෝධතා සිදුකරන පිරිස් කෙටි වේලාවකින් විරෝධතා ස්ථානයෙන් පිටව යන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම කෙනෙකුට ඇති අයිතියක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම විරෝධතා හමුවේ වුවද තමන් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙය බහුතර ජනතාවගේ අභිමතය පරිදි පත් වූ සැබෑ ජනතා ආණ්ඩුවක් බව සිහිපත් කළේය. ජනතාවගේ අපේක්ෂාවන් සහ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් රට ගොඩනැගීමේ අරමුණින් මෙම ආණ්ඩුව ක්‍රියාත්මක වන බවත්, සුළුතරයකගේ විරෝධතා මැද වුවත් ජනතා ආණ්ඩුවක් ලෙස තම වගකීම නිසි ලෙස ඉටු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.














